FAST NEWS

24×7 Around the Globe

බොටම් ට්‍රෝලිං ක්‍රමයෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 08 ක් අල්ලයි..

තහනම් පන්න ක්‍රමයක් මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව අත්අඩංගුවට ගෙන ඇත

ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 15 ක් සහ කොවිලම් තුඩුවට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයට නාවික සැතපුම් 7.5 ක් පමණ දුරකදී එම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් වන පතුල මත ඇදගෙන යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං)  මගින් ඔවුන් මසුන් අල්ලා ඇතැයි නාවික හමුදාව කියයි.

(DE සිල්වා)