FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ විභාගය අගොස්තු 08 ඇරඹේ…

2017 අ.පො.ස (උ/පෙළ) විභාගය අගෝස්තු මස 08 දින සිට 2017 සැප්තැම්බර් මස 2 වන දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එ අනුව සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 305ක් යටතේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230ක පැවැත්වීමට සූදානම් කර ඇති බව
අද (05) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ සඳහන් කරයි.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 315227ක් පෙනී සිටීමට නියමිත අතර ඉන් 23943 ක් පාසල් අයදුම්කරුවන් වන අතර 77284 පෞද්ගලික අයදුම්කරුවන් වේ.

(DE සිල්වා)