FAST NEWS

24×7 Around the Globe

මුතුරාජවෙලට කණු දැම්ම තහනම්..

මුතුරාජවෙල පාරිසරික සංරක්ෂිත කලාපයට කැලි කසළ බැහැර කිරීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව ලබන 20 වන දින තෙක් එම ප්‍රදේශයට කසළ බැහැර ‍නොකළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මුතුරාජවෙල ප්‍රදේශයේ අදාළ බිම් කොටස පාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබියදී එම ප්‍රදේශයට කොළඹ මහ නගර සභාවේ කසළ බැහැර කිරීම තුළින් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් පැනනැඟී ඇති බවත්, මේ හේතුවන නිසා එම ප්‍රදේශයට කසළ බැහැර කිරීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කර තිබුණු පෙත්සමක් සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් මෙම නියෝගය කෙරුණී.

කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ ඊයේ සවස සිට මෙම ප්‍රදේශයට කසළ බැහැර කිරීම නවත්වා ඇති බවයි.

(DE සිල්වා)