FAST NEWS

24×7 Around the Globe

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවනය යථා තත්වයට..

පුවක්පිටිය දුම්රිය ස්ථානය අසලදී අද (05දා) සිදුවූ අනතුරක් හේතුවෙන් බාධා එල්ල වී තිබුණු කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව දුම්රිය පාලන අධිකාරිය සඳහන් කරයි.

අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් හා ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර  සිදුවිය.

මෙම අනතුර හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වූ අතර මේ වන විට එය යථා තත්ත්වයට පත් කර තිබේ.

මෙම අනතුරින් තුවාල ලැබූ ලොරි රිථයේ රියදුරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.

(DE සිල්වා)