FAST NEWS

24×7 Around the Globe

දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගතහොත් අධිකරණයට..

මීන් ඉදිරියට දුම්රිය මාර්ගයේ සිට අවදානම් සෙල්ෆි ඡායාරූප ගන්නා අය අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පවරන බව දුම්රිය ආරක්‍ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා ඊයේ (04) පැවසීය.

දුම්රිය ආඥ පනතට අනුව දුම්රිය මාර්ගයේ අනතුරුදායක ලෙස ගමන් කිරීම පවා දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවත්, දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ලබාගැනීම තහනම් කර තිබුණ ද එම අවවාද නොතකා තවමත් ක්‍රියා කරන තරුණ පිරිස්‌ සිටින බව ද ඒ මහතා කියා සිටියේය.

මෙම වසරේ මෙතෙක්‌ දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය පුද්ගලයන් 6 දෙනකු මියගොස්‌ තිබේ.

(DE  සිල්වා)