FAST NEWS

24×7 Around the Globe

වැසි රහිත කාලගුණ තත්ත්වයක්…

දිවයිනේ බොහෝ පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව අද (05) පෙරවරු නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් දිවයිනේ නිරිතදිග කොටසේ සිහින් වැසි ස්වල්පයක් සහ නැගෙනහිර පළාතේ (විශේෂයෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ) ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එහි සඳහන්.

දකුණු පළාතේ (විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.

(DE සිල්වා)