FAST NEWS

24×7 Around the Globe

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට…

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මෙහිදි අදහස් දැක්වු විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා “පසුගිය කාලයේ ගැටුම්කාරී තත්ත්වය නිසා අවතැන් වූ ජනතාවට ඡන්දය භාවිතා කිරීමට තිබෙන අයිතිය නැති වී තිබෙනවා. ප්‍රජාත්නත්‍රවාදී රටක තිබෙන මූලික අයිතිය ඡන්දය භාවිතා කිරීමට තිබෙන අයිතියයි. ගැටුම්කාරී තත්ත්වය පැවැති කාලය තුළ ඡන්දය අහිමි වූ ජනතාවට ඡන්දය සඳහා අයිතිය ලබාදීම අරමුණයි. පනත යටතේ ලියාපදිංචිවීමට අදාළ සුදුසුකම් සඳහන් කර තිබෙනවා “ යැයි පැවසීය.

(DE සිල්වා)