FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී 13 වැනිදා බංග්ලාදේශයට…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිව්දින නිල සංචාරයක් සඳහා මේ මස 13 වැනි දා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිත බව ජනාධිපති ‍ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

බංග්ලාදේශ අගමැතිනී ෂික් හසීනා මහත්මියගේ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිතරත වන බවද පැවසේ.

මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබිමට නියමිත බවත් සඳහන්.

එහිදී වරාය හා නාවික ක්ෂේත්‍රයට බලපානු ලබන සුවිශේෂ කරුණු ඇතුළත් ගිවිසුම් තුනකට මෙහිදි අත්සන් තැබිමට නියමිත බවත් , ජනාධිපතිවරයා එරට අග්‍රාමාත්‍යවරිය ඇතුළු කිහිප දෙනකු සමගම රාජ තාන්ත්‍රික ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)