FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මන්ත්‍රවරු එක් වැටුපක් ආපදා සහනයට දෙයි..

අයහපත් කාළගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තම එක් මසක වැටුප අද (04) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නේය.

ඊට අදාළ චෙක්පත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කෙරුණූ අතර ,අනතුරුව එම චෙක්පත ජනාධිපතිවරයා විසින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට වෙත බාරදෙනු ලැබීය.

(DE සිල්වා)