FAST NEWS

24×7 Around the Globe

නව ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ පුටු 04 කට ජනපතිගෙන් පත්විම්..

රජයේ ඉහළ තනතුරු 04 ක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර පත් කිරිම් සිදුවු බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියි.

එ අනුව නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ඡේෂ්ඨ පරිපාලන නිළධාරීයෙකු හා නැගෙනහිර ආණ්ඩුකාර ධුරය හෙබවු ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ තිබේ.

එසේම ඔහුගෙන් හිස්වු නැගෙනහිර ආණ්ඩුකාර ධූරය හිටපු කැබිනට් අමාත්‍යවරයකු වු රෝහිත බොගොල්ලාගම මහතා වෙත ලබා දී තිබේ.

එසේම අතිරේක සොලිසිටර් ජේනරාල් කපිල වෛද්‍යරත්න මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

නව යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් මහෙෂ් සේනානායක මහතාව ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

(DE  සිල්වා)