FAST NEWS

24×7 Around the Globe

මුතුරාජවෙළ පිළිබඳ පෙත්සම විභාගයට ගැනේ..

මුතුරාජවෙළ අභය භූමියට කුණු බැහැර කිරීම  හෝ වැලි ගොඩ දැමීම, පස් කැපීම ,පිරවීම හෝ කුමන හෝ ආකාරයේ කසල රැස්කිරීමක් සිදු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම බදාදා (05) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය.

කොළඹ මහනගර සභාව හා එහි නාගරික කොමසාරිස් ඇතුළු බලධාරීන් පිරිසක් වගඋත්තරකරුවන් කරමින් වත්තල ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් සහ බුවනෙක අළුවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.