FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක ලේකම් කරුණාසේනට ධූරය අහිමී වෙයි.. ?

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ගප පවසයි.

කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස සිවිල් සංවිධාන රැසක් පසුගිය සමයේ රජයෙන් ඉල්ලීම්ද සිදු කළේය.

එසේම නව ආරක්ෂක ලේකම්වරයා සෙල නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වන වෛද්‍යරත්න මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතෙත් මේ ගැන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තමා ධුරයෙන් ඉල්ලා අස් නොවූ බවයි.

එසේම අද (03) දිනයේද තමා සිය කාර්යාලයට පැමිණි බවත්, එම තනතුරින් ඉවත් කිරීමක් ගැන මෙතෙක් නොදන්නා බවද හෙතෙම සඳහන් කර තිබේ.

(DE සිල්වා)