FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී රෝහිතට එරෙහි නඩුව අගොස්තුවට යයි..

රුපියල් මිලියන 40ට අධික වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති නඩුව අගෝස්තු මස 02 සහ 03 දිනවල යළි විභාග කිරීමට කොළඹ මහාධිකරණය හමුවේ අද (03) නියෝග කළේය.

නඩුවට අදාළ පරිගණක සාක්ෂි පරීක්ෂා කිරීමට විත්තිකාර පාර්ශවයට ඉඩ නොලැබුණු බව විත්තියේ නීතිඥවරයා අද අධිකරණයේදි ප්‍රකාශ කළේය.

එබැවින් රජයේ නීතිඥවරයාට  පරිගණක සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව විත්තියේ නිතිඥවරයා අධිකරණය වෙත ප්‍රකාශ කළේය.

මෙම කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණය අදාළ පරීක්ෂා කිරීම් සඳහා අවසර ලබා දෙන ලෙස එම ආයතනවලට නියෝගයක් ද නිකුත් කළේය.

(DE සිල්වා)