FAST NEWS

24×7 Around the Globe

සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීමේ ලිඛිත විභාගය ජූලි 09 ..

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචිකිරීම සඳහා වන ලිඛිත විභාගය -2016 (2017) ලබන ජූලි මස 09 වැනි දින අයදුම්කරුවන් 960ක් සඳහා කොළඹ පිහිටි විභාග මධ්‍යස්ථාන 07කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප‍්‍රවේශ පත‍්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන විමසීම් 0112785230 හෝ 0112177075 සහ 1911 (ක්ෂණික ඇමතුම් පැය 24 පුරා) යන දුරකථන අංකවලින් විමසන ලෙස ශී‍්‍ර ලකා විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

පසුගිය දිනවල දිවයින පුරා බලපැවැත්වුණු අයහපත් කාලගුණය හේතුවෙන් මෙම විභාගය කල් දමා තිබුණි.