FAST NEWS

24×7 Around the Globe

පළාත් කිහිපයකට වැසි..

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (03) පෙරවරු නිකුත් කළ නිවේදයෙහි සඳහන් වෙයි.

එසේම නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 02.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි එහි සඳහන්.

විශේෂයෙන් දකුණු පළාතතුල විටින් විට හමන සුළං තත්ත්වය පැ.කි.මී. 50දක්වා ඉහළ යාහැකි බවත්, වැසි සමඟ තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින් ඒ පිලිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

(DE සිල්වා)