FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු සේවක අර්ථසාධක නිලධාරීන් බැඳුම්කර කොමිසමට..

ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ සතිය තුල සාක්‍ෂි ලබාගැනීම සඳහා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමීත බව වාර්තා වේ.

අර්ථසාධක අරමුදල හා ප්‍රාථමික අලෙවිකරුවන් අතර සිදුකෙරුණු බැඳුම්කර ගනුදෙනු පිළිබඳව මෙහිදී ප්‍රශ්න කෙරෙනු ඇති බවද එම කොමීසමේ ආරංචි මාර්ග පවසයි.

අර්ථසාධක අරමුදලේ නිලධාරීන්ගෙන් පසු පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ සාක්‍ෂිකරුවන් සහ ඉන්පසු මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ද සාක්‍ෂි ලබාගැනීම සඳහා කොමිසම හමුවට කැඳවීමට නියමිත බවත් පැවසේ.

බැඳුම්කර ජනාධිපති කොමිසමේ කාලසීමාව මේ මස 28 වැනිදායින් අවසන් වේ. කොමිසම අද (03 දා) උදේ 10.00 ට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වේ.

(DE  සිල්වා)