ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (01) පැවැත්වේ.
ඡන්දය භාවිත කිරීම සඳහා පාපන්දු සම්මේලනයේ සාමාජික ලීග සංගම් 63ක් සුදුසුකම් ලබා සිටින අතර එහි මුලූ ඡන්ද එකතුව 189කි.
අද පැවැත්වෙන ඡන්දය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනයේ විශේෂ නියෝජිතයින් ද පැමිණීමට නියමිතව තිබේ.
ක්‍රිකට් සහ රග්බි නිලවරණයෙන් පසු වැඩිම අවධානයක් යොමුව ඇත්තේ පාපන්දු සම්මේලන නිලවරණයටය.








