FAST NEWS

24×7 Around the Globe

විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගේ දේශපාලන පක්ෂය ජුලි 04 කරළියට..

විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් පමණක් සැදුම්ලත් ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය ජූලි මස 04 වැනිදා එළිදැක්වීමට සැලසුම් කර ඇත බව එම පක්ෂයේ විධායක සභාව සඳහන් කරයි.

පක්ෂයේ සියලුම නිලතල මෙම කණ්ඩායම්වලට හිමිව තිබෙන අතර, එම පක්ෂයේ ප්‍රධාන අරමුණු වී තිබෙන්නේ ජනතා සුභසාධනය සිදු කරමින් දේශපාලනයේ නිරත වීම සහ ජනතාව නිවැරදි දේශපාලන ප්‍රවේශයකට යොමු කිරීම බවත් පැවසේ.

(DE සිල්වා)