FAST NEWS

24×7 Around the Globe

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට යෝජනා කිහිපයක්..

සයිටම් ආයතනය ජනසතු කර එම ආයතනයේ දැනට ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා විසඳුමක් ලබාදීමට කමිටුවක් පත්කරන ලෙස රජයට යෝජනා ඉදිරිපත් කිරීමට අද (29දා) උදෑසන රැස් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

මෙම තීරණ වලට රජය නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමක් නොකරනවා නම් එයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමටත් ජනතාව පෙළ ගැස්වීමටත් තම සංගමයට හැකියාව තිබෙන බවද මධ්‍යම කාරක සභාව තීන්දු කර ඇති බව එම සංගමයේ ආරංචි මාර්ග පවසයි.

(DE සිල්වා)