FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැන GMOA හෙට විශේෂ සාකච්ජාවකට යයි..

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන තීරණය ගැන සාකච්ඡා කිරීම සඳහා හෙට (29) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මධ්‍යම කාරක සභාව රැස්වන බව එම සංගමය පවසයි.

මෙම සාකච්ඡාව ඉතාමත් තීරණාත්මක එකක් වන බැවින් ඒ සඳහා දිවයින පුරා රජයේ රෝහල්වල ශාඛා සමිති නියෝජිතයින් හෙට (29) කොළඹට කැඳවා ඇතැයිද එම සංගමය කියයි.

සයිටම් ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් ගෙන යන සටන බොහෝ විට නැවත වරක් අඛණ්ඩ වැඩ වර්ජනයක් විය හැකි බවද එසේ නොවීමට නම් ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ පරස්පරතාවන් ඉවත් කර සයිටම් ආයතනය රජයට පවරා ගැනීමට කටයුතු කළ යුතු යැයි සංගමයේ  එකම අරමුණ එය බවද  එම සංගමය අවධාරණව කරයි.

(DE සිල්වා)