FAST NEWS

24×7 Around the Globe

සයිටම් ගැටලුවට ඉහළම සාධාරණය ඉටු කලා – ජනපති

සයිටම් ගැටලුව විසඳීම සඳහා තමන්ට කළ හැකි ඉහළම සාධාරණය ඉටු කළ බව ඊයේ (27) පෙරවරුවේ රැස්වුණු අමාත්‍ය මණ්ඩල හමුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේ මහතා සඳහන් කර තිබේ.

එසේ නොමැතිව ඊට විරුද්ධ පාර්ශ්ව මතු කරන කරුණු ඉෂ්ට කිරීමට තමන් බැඳී නොමැති බවද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර ඇත.

එසේම නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව කටයුතු කරන බව ජනාධිපතිවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මට කරන්න පුළුවන් ඉහළම සාධාරණය මම කළා. මම බැඳිලා නෑ ඒ අය කියන කියන දේවල් කරන්න. මම බොහොම පැහැදිලිව ඒ අයට කිව්වා මේ කරන සාකච්ඡාව නිල සාකච්ඡාවක් නොවෙයි. මේක නොනිල සාකච්ඡාවක් කියලා. මට කරන්න පුළුවන් දේ මම කළා. එහෙම නැතිව ඒ අය කියන කියන දේවල් කරන්න මම බැඳිලා නෑ.”

(DE සිල්වා)