FAST NEWS

24×7 Around the Globe

පර්පචුවල් ලාභ උපයද්දී සේවක අර්ථසාධකයට පාඩු..

බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සේවක අර්ථසාධක අරමුදල පාඩු ලබා ඇතැයි ඊයේ (27) ජනාධිපති බැඳුම්කර කොමීසම වෙත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක තාක්‍ෂණ අධ්‍යක්ෂ වසන්තද අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටියදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඒ බව කොමිසමට දැනුම් දුන්නේය.

බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සුළු ලාභයක් පෑන් ඒෂියා බැංකුව උපයාගෙන ඇති බවද මිලින්ද ගුණතිලක මහතා කොමීසම හමුවේ පෙන්වා දුන්නේය.

මෙම කොමිසම ස්ථාපනය කිරීමට හේතු වූ 2015 පෙබරවාරි මස 27 වැනිදා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ලංසු ඉදිරිපත් කිරීම්වලට අදාළ පරිගණක ගොනු පහක්ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක තාක්‍ෂණ අධක්‍ෂක වසන්තද අල්විස් මහතා බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළේය.

(DE සිල්වා)