FAST NEWS

24×7 Around the Globe

අද කොළඹ ආරක්‍ෂාවට පොලීසියෙන් 1000 ක බල ඇණියක්..

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් සහ ඔවුන්ගේ මවුපියන් එක්ව සංවිධාන කොට ඇති දැවැන්ත විරෝධතා පා ගමන හේතුවෙන් පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දහසකට අධික බළඇණියක් යොදවා කොළඹ ආරක්‍ෂාව අද (28ද) දින තර කිරීමට කටයුතු යෙදූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ජල ප්‍රහාරක රථ, කැරලි මර්දන ඒකක, පොලිස් මාර්ග බාධක කොළඹ තෝරාගත් ස්ථාන කිහිපයක ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.

මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ආදී තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයකද ආරක්‍ෂාව තර කිරීමට පොලිසිය කටයුතු යොදා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි..

(DE සිල්වා)