FAST NEWS

24×7 Around the Globe

පළාත් සභා තුනක මැතිවරණය ප්‍රකාශ කිරීමට ඔක්තොම්බර්..

උතුරුමැද, නැගෙනහිර හා සබරගමුව යන පළාත් සභා තුනෙහි මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ ගැසට්‌ නිවේදනය ලබන ඔක්‌තෝබර් මස 02 වැනිදා පමණ නිකුත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාඊයේ (27) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මැතිවරණ නීතියට අනුව පළාත් සභාවක නිල කාලය අවසන් වී දින 07 ක්‌ ඇතුළත මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ ගැසට්‌ නිවේදනය නිකුත් කළ යුතු අතර ඒ අනුව තමාද මීට අදාළ ගැසට්‌  නිවේදනය ප්‍රකාශයට පත්කරන බව හෙතෙම පැවසීය.

පළාත් සභා මැතිවරණ නීතියට අනුව පළාත් සභා මැතිවරණයක්‌ කල් දැමිය නොහැකි බව ද එසේ කල් දැමිය හැක්‌කේ ව්‍යවස්‌ථා සංශෝධනයකින් පමණක්‌ බව ද එ මහතා කියා සිටියේය.

පළාත් සභා මැතිවරණය කල් දැමීමට ව්‍යවස්‌ථා සංශෝධනය පමණක්‌ නොව ජනමත විමසුමක්‌ ද පැවැත්වීම අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ එකම තීරණය වන බව කී ඒ මහතා කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ මතය අවසන් මතය වනු ඇති බව ද සඳහන් කළේය.

මැතිවරණය ප්‍රකාශයට පත්කර දින 55 කින් පසුව ඡන්ද විමසීම සිදුකළ හැකි බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)