FAST NEWS

24×7 Around the Globe

උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල හර්තාල්..

උමාඔය ව්‍යාපෘතියට එරෙහිව බණ්ඩාරවෙල නගරයේ පැවැත්වෙන විරෝධතාව හේතුවෙන් අද (28) පෙරවරුවේ සිට නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමා ඇති බවත් ,එම ප්‍රදේශයේ පෞද්ගලික බස් රථද ධාවනය ඇණ හිට ඇති බව වාර්තා වේ.

මෙහිදී හානියට පත් ජනයාට සහන සැලසීම,දිය කාන්දුව වළක්වාගැනීම,උමගේ ඉදිරි කැණීම් කටයුතු සිදු කිරීමට පෙර පරිසර හානි අවම කිරීම සඳහා පියවර ගැනීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් සඳහා රජයේ අවධානය දිනාගැනීම සඳහා මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව එහි සංවිධායකවරු පවසති.

(DE සිල්වා)