FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු පාලනය කිරිමට පිරිසිදු කිරීමේ දෙසතිය අද සිට..

ඩෙංගු රෝගය පාලනය කිරීමේ අරමුණින් ජනතා සහභාගිත්වයෙන් යුත් පිරිසිදු කිරීමේ දෙසතියක්‌ රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති බවත් ,ඒ අනුව අද (28 වැනිදා) සිට මෙම පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩපිළිවෙළ සඳහා පළාත් සභා සහ පළාත් පාලන, ආරක්‍ෂක අමත්‍යාංශවල සහාය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් මදුරු ඝණත්වය වැඩිවීම පාලනය කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

(DE සිල්වා)