FAST NEWS

24×7 Around the Globe

ත්‍රිරෝද උපරිම වේගය 40 සීමා කෙරේ…

ත්‍රිරෝද රථ පැදවීමේ උපරිම වේගය පැයට කිලෝ මීටර් 40 දක්වා සීමා කිරීමට මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාව තීරණය කර තිබේ.

දිනකට ත්‍රිරෝද රථ අනතුරුවලින් මිය යන සංඛ්‍යාව 6-7 අතර ප්‍රමාණයකට වර්ධනය වීම නිසා මෙම පියවර ගන්නා බව එහි ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පැවසීය.

2016 වසරේදී ත්‍රිරෝද රථ අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,161කි.

ත්‍රිරෝද රථ පදවන්නන්ට දිනක පුහුණුවක් ලබා ගැනීම අනිවාර්ය කිරීමටද මාර්ගාරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන ඇති අතර ත්‍රිරෝද රථ පැදවීමේ බලපත්‍ර ලබාගත හැකි වයස් සීමාව සංශෝධනය කිරීම පිළිබඳවද එහි අවධානය යොමු වී තිබේ.

(DE සිල්වා)