FAST NEWS

24×7 Around the Globe

මාලිංගට එරෙහි විනය පරික්ෂයක් සඳහා කමීටුව පත් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මාධ්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පවතින ගිවිසුම් කඩ කරමින් මාධ්‍යයට අදහස් දක්වා මතභේදාත්මක කරුණු ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව මෙසේ විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුව වු බවත් ,අද (27) පෙරවරුවේ රැස්වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමීටුව විසින් මෙම තීරණය ගත් බව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා නීතිවේදී අසේල රැකව විනය කමිටුව නියෝජනය කරන අතර, එහි සභාපති ලෙස අසේල රැකව මහතා කටයුතු කරන බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)