FAST NEWS

24×7 Around the Globe

උමා ඔයට එරෙහි මහා කළු හර්තාලය හෙට..

උමා ඔයට එරෙහි මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ මහා කළු හර්තාලය හෙට (28) පෙරවරු 9.00ට ආරම්භ කර දවස පුරා පැවැත්වෙන බව උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

උමා ඔය ව්‍යාපෘතියෙන් අගතියට පත් ප්‍රදේශවාසී ජනතාවට වහා සහන ලබා දීම, ඉදිරි විනාශයන් වහා නතර කිරීම, වැනසූ මහ පරිසර පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉටු කරන ලෙසට ආණ්ඩුවට බලකරමින් මෙම හර්තාලය පැවත්වෙන බවද එම මහතා පවසයි.

මෙහිදී මුළුමනින්ම නගර වැසී යන බවත්, එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථාන, පාසල් ප්‍රවාහන සේවා සංගම්, පරිසර සංගම් ගණනාවක් මෙයට එක්වෙන බැවින් එම ප්‍රදේශයේ වෙනත් කිසිදු කටයුත්තක් සිදුනොවන බවද හෙතෙම සඳහන් කළේය.
‍ෙ
මහ සංඝරත්නයත්, තමාගේත් සහභාගිත්වයෙන්පනංගල, අමුණුදෝව, සාමචේතියගම, කිරිඔරුව, වටගමුව ඇතුළු ගම්මාන 20ක රැස්වීම් මාලාවක් පැවත් වූ අතර සියලු ගම්වැසියන් එම දැනුවත්කිරීම් අවසානයේ පවුල් පිටින් හර්තාලයට එක්වීමට කැමැත්ත පළ කළ බවද ඒ මහතා පැවසීය.

(DE සිල්වා)