FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් 20 කට වහාම ස්ථාන මාරු..

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශය මත  ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව , පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

ඒ අනුව සියඹලාණ්ඩුව, උහන, ඇල්ල, දෙහිඅත්තකණ්ඩිය, කන්දෙකැටිය, වාන්ඇල, නාගොඩ, කොක්අඩිචෝලේ, රත්තොට, උඩුදුම්බර,  තිස්සමහාරම, ත්‍රීකුණාමල වරාය යන පොලිස්  ස්ථානවල ස්ථානාධිපතිවරුන් හට මාරුවීම් ලබා දී තිබේ.

රථවාහන මූලස්ථානය, කොඩිකාමම්,  යක්කල, කුරුඳුවත්ත යන පොලිස් ස්ථානවලටද නව ස්ථානාධිපතිවරුන් පත් කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ස්ථානමාරුවීම් ලැබූ පිරිස අතරට  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් අට දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 12 දෙනෙකුද අයත් වේ.

(DE සිල්වා)