FAST NEWS

24×7 Around the Globe

යතුරුපැදි කල්ලියක් මණිපායිහි පුද්ගයෙකු කපා කොටා දමයි..

යතුරුපැදි කිහිපයකින් තියුණු ආයුධ සහිතව පැමිණි පිරිසක් යාපනය මණිපායි ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රී  පුද්ගලයෙකු කපා කොට පලා ගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි.

යාපනය මණිපායි ඉනුවිල්හි පදිංචි 26 හැවිරිදි ඇන්ටනීපිල්ලෙ ඩිනරෙක්ෂණ් නැමති මේසන් බාස්වරයෙක් මෙම පහර කෑමට ලක්ව ඇති බවද පොලිසීය කියයි.

සිද්ධියෙන් කැපුම් තුවාල ලත් පුද්ගලයා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසීය පවසයි.

මෙසේ ප්‍රහාරය සඳහා පැමීණි  පිරිස් නාදුනන බවටත් එම පිරිස් කළු රෙදි වලින් සිය මුහුණු ආවරණය කර පැමිණි බවත් ,යතුරුපැදි වල අංක තහඩුද ඉවත් කොට තිබූ බවද තුවාල වූ පුද්ගලයා විසින් පැවසු බවද යාපනය පොලිසීය වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)