FAST NEWS

24×7 Around the Globe

ජනපති හා සයිටම් සභාපති අතර සාකච්ඡාවක්…

සයිටම් අර්බුදය සම්බන්ධව එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක්‌ අද (27 දා) පැවැත්වීම නියමීත බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත පැවසීය.

සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය නතර කිරීමට රජය ගෙන තිබෙන ක්‍රියා මාර්ග නිසා එහි සිසුන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් මේ තත්ත්වය හා තවත් තීරණාත්මක කරුණු කිහිපයක්‌ සම්බන්ධව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරවන බවත් හෙතෙම කීය.

සයිටම් විරෝධී රැල්ලට මුල්වී සිටින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇතැම් උදවිය වෛද්‍ය වෘත්තිය සඳහා සිසුන් පිටරට යෑවීමේ ජාවාරම්වල යෙදී සිටින බවද සයිටම් නිසා ඔවුන්ට සිදුවෙන පාඩු නැවැත්වීමට විවිධ ක්‍රියා මාර්ග ගන්නා බවද සයිටම් සභාපතිවරයා වැඩිදුරටත් අවාධරණය කර සිටියේය.

(DE සිල්වා)