FAST NEWS

24×7 Around the Globe

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්…

අද (26) පෙරවරු පොල්ගහවෙල සිට මොරටුව බලා ධාවනය වන කාර්යාල දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානයේදී කාර්මීක දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව
ඇති බව දුම්රිය මගීහු කියති.

මේ හේතුවෙන් දිනපතා කාර්යාල සේවයට වාර්තා කරන මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද පැවසේ.

එසේම අදාළ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වයට පත් කිරීමට සඳහා මෙ වන විට කටුයුතු යොදා ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

(DE සිල්වා)