FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති ‍ලේකම්ගේ නිවේදනයේ පරස්සපරතා – නැවතත් වර්ජනයටකට ?

සයිටම් ගැටලුව සම්බන්ධයෙන් තම සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවෙන් පසු ජනාධිපති ‍ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ ඇති පරස්පරතා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි

එහෙයින් සිය සංගමයේ සාමාජිකයන් නැවත අඛණ්ඩ වර්ජනයකට යාමට බලකරන බවත්, ඉදිරි දිනයේ දී, එය නිවැරදි නොවුණහොත් යළිත් වර්ජනයකට යාමට සිදුවන බවත් එම සංගමය අවධාරණය කරයි.

ජනාධිපති ‍ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ අඩංගු කරුණුවල පරස්පර බවක් ඇත්නම් එය නිවැරදි කිරීමට ලිඛිත ඉල්ලීමක් කරන්නැයි ඊයේ (26) දින ජනාධිපති ‍ලේකම් කාර්යාලය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට දැනුම් දී ඇති බවත් ඔවුහු පවසති.

එමෙන්ම එය නිවැරදි විය යුතු ආකාරය ගැන අද (27) දින ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ලිඛිතව දැනුම් දෙන බවද එම සංගමය කියයි.

සයිටම් ආයතනය අහෝසි කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවෙන් පසු එකඟතාවකට පැමිණි කරුණු ප්‍රවෘත්ති නිවේදනයක් මගින් නිකුත් කිරීමේ දී පරස්පර කරුණු රැසක්ම එහි වූ බවද එම සංගමය අවධාරණය කර සිටියි.

(DE සිල්වා)