FAST NEWS

24×7 Around the Globe

තැපැල් වර්ජනය ඇරඹෙයි..

පෞරාණික තැපැල් කාර්යාල, හෝටල් ව්‍යාපෘති සඳහා ලබා දීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවකයින් අද (27) අලුයම සිට වර්ජනය ආරම්භ කරන ලදි.

තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසා සිටියේ විසි පන්දහසකට ආසන්න තැපැල් සේවකයින් පිරිසක් මෙම වර්ජනයට එක්ව සිටින බවයි.

තැපැල් කටයුතු ඇන හිටීම වෙනුවෙන් සිදුවන අපහසුතාවන් පිළිබඳව ඔහු කරුණු දැක් වූ අතර එහිදී ඔහු සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් සමස්ත රටේම අර්බුධ රැසක් මතුවෙන බවයි.

කෙසේ වෙතත් තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් පවසා සිටියේ අත්‍යවශ්‍ය සේවාවන් ක‍්‍රියාත්මක කිරීමට සිය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.