FAST NEWS

24×7 Around the Globe

ෆැඩ්නා කරවිල තේ වෙළඳපොළට නිකුත් වෙයි..

දියවැඩියාව පාලනය කිරීම සඳහා අනාදිමත් කලක සිට මහඟු ඔසුවක් ලෙස භාවිතා කළ ස්වාභාවික කරවිල සාරයෙන් නිපදවන ෆැඩ්නා කරවිල තේ මේ වන විට වෙළඳපොළට නිකුත් කර තිබේ.

මහඟු ඖෂධීය ගුණ දෙන බෙහෙත් කරවිල නමින් ප්‍රකට දේශීය කරවිල සහ කරවිල ඇට සමඟ ග්‍රීන් ටී ෆැඩ්නා කරවිල තේ තුළ අන්තර්ගත වේ.

රුධිරයේ සීනි මට්ටම ස්වාභාවිකව පාලනය කර වකුගඩු හා අක්මාවට අතුරු ආබාධ නොමැතිව නිරෝගී ජීවිතයක් ලබාදෙන බවට වෛද්‍ය විද්‍යාත්මකවද තහවුරු කර ඇති ෆැඩ්නා කරවිල තේ නවීන තාක්ෂණයට අනුව තේ බෑග් ලෙස නිපදවයි.

ෆැඩ්නා කරවිල තේ ස්වාභාවික යහගුණ ලබාදෙන තේ පානයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුවේද ලියාපදිංචි කර ඇති අතර දිවයින පුරා පිහිටි ෆාමසි, ආයුර්වේද ඔසු සැල්වලින් සහ සුපිරි වෙළෙඳසැල් වලින් ෆැඩ්නා කරවිල තේ මිලදී ගත හැක.

ෆැඩ්නා කරවිල තේ නිපදවා බෙදාහරිනු ලබන්නේ ස්වාභාවික යහගුණ නවීණ තාක්ෂණයට අනුව නිපදවා ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා රටවල් රැසක පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනාගත් නිෂ්පාදන රැසක් එලි දැක්වූ සීමාසහිත ෆුඩ් ඇන්ඩ් නේචර් පුද්ගලික සමාගමය.