FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි..

සක්‍රියව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් මෙම මස (27) දක්වා දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි ඇතිවන බවත් කෑගල්ල, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කයන්ටද මේ කාලය තුළ වැසි අපේක්ෂා කළ හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව උතුරු මැද පළාතේද තැනින් තැන මද වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.