FAST NEWS

24×7 Around the Globe

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක..

ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලුවලට විසදුම් ලබා නොදීමට විරෝධය පල කරමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද(26) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

තැපැල් සේවකයන් මීට පෙර පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයකද නිරතවූයේ මෙම ගැටළු මුල් කරගනිමිනි.

කෙසේ වෙතත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර පවසා සිටියේ රජයේ පාර්ශවයෙන් මේ දක්වා තම ගැටළුවලට විසඳුමක් ලබා දී නොමැති බවයි.