FAST NEWS

24×7 Around the Globe

විශේෂ ගැසට් නිවේදනය එන තෙක් සයිටම් බඳවා ගැනම් නතර කෙරේ..

මාලබේ සයිටම් ආයතනයට අදාළව රජය මඟින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙන්නේ දැනට මාස කිහිපයකට පෙර පවතින විශ්වවිද්‍යාල සිසුන්ගේ පංති වර්ජනය, වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට මුල් වු කරුණු පිළිබඳ රජයේ ස්ථාවර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිත කරුණු මෙලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවය.

ඒ අනුව රජයේ ගැසට් නිවේදනයේ ඇතුළත් කොන්දේසි සම්පූර්ණ කරන තෙක් සයිටම් ආයතනය සඳහා සිසුන් බදවා ගැනීම නතර කිරීම සහ උපාධි පිරිනැමීම නතර කිරීමට රජය තීරණය කර තිබේ.

මීට අමතරව සයිටම් ආයතනයේ පරිපාලන ව්‍යුහය වෙනස් කරමින් රජයේ හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස කටයුතු කිරීමට විධිවිධාන සැලසීමට නියමිත බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

 

(DE සිල්වා)