FAST NEWS

24×7 Around the Globe

ආචාර්ය සමන් කැලේගම මහතා අභාවප්‍රාප්ත වෙයි..

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂකවරයා ලෙස කටයුතු කල ආචාර්ය සමන් කැලේගම මහතා තායිලන්තයේදී අභාවප්‍රාප්ත වී ඇති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මිය යන විට 58 වැනි වියේ පසු වූ ඔහු ආර්ථික විශේෂඥයෙකු මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙසද කටයුතු කරනු ලැබීය.

ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිතව ඇති එට්කා ගිවිසුම සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඔහු විසින් ඉටු කල අතර එනිසාම විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේචනයටද ලක් විය.