දුම්රිය ස්ථාන රැසක් වර්තමානයේ ඩෙංගු මදුරුවන් බෝකරන ස්ථාන බවට පත්කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දුම්රිය ස්ථාන පිරිසිදුව තබා ගැනීම සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වැඩි වගකීමක් පැවරී ඇති බවයි.
මරදානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ 78 වැනි සංවත්සරයට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළේය.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ රාජකාරිය පැය 08කට සීමා නොවිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.








