FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනේ…

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ස්වල්ප මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ  පැවැති මාධ්‍ය හමුවකට පැමිණ සිටි ඔහු එයින් පිටවන අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

එසේම ඔහු සමග තවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයකු  පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවච පැවසේ.

(DE සිල්වා)