FAST NEWS

24×7 Around the Globe

මාස 20 ක් වසා තිබු දක්ෂිණ අධිවේගීයේ කොටසක් ඇරේ..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 114 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ කිලෝමීටරයක පමණ දුරක් වසා දමා තිබූ එක් මං තීරුවක් අද (22) සිට නැවත විවෘත කළ බව දක්ෂිණ අධිවේගී මාර්ග අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

2015 ඔක්තෝබර් මාසයේදී මෙම නායයෑම සිදූවූ නිසා කොළඹ සිට ගොඩගම පිවිසුම බලා යන මං තීරුවේ කිලෝ මිටරයක පමණ කොටසක් වසා දැමුණූ අතර එම කොටස අලුත්වැඩියා කිරීමෙන් පසුව නැවත මෙසේ වාහන ධාවනයට විවෘත විය.

(DE සිල්වා)