FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරෙහි ලාහොර් ප්‍රහාරයේ සැකකරුවන් 02ක් මුදා හැරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් පකිස්ථානයේ ලාහෝර් නුවරදී 2009 වසරේ මාර්තු මස තුන්වන දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ සැකකරුවන් දෙදෙනෙකු මුදා හැරීමට එරට අධිකරණයක් නියෝග කර ඇති බව පුවත් වාර්තා පවසයි.

ඊබ්‍රහිම් කලීල් සහ ඔබයිදුල්ලා නැමැති අදාළ සැකකරුවන් දෙදෙනාට එල්ල වී තිබූ චෝදනා සනාථ කිරීමට අසමත් වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව පැවසේ.

අදාළ ප්‍රහාරය සිදුකල ත්‍රස්තථවාදීන්ට අවි ආයුධ සැපයීම සහ පුහුණුව ලබාදීම යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබූ බවත් සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය බලා ගමන් කරමින් සිටියදී එල්ල වූ මෙම ත්‍රස්ථ ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් හත් දෙනෙකු තුවාල ලැබීය.

සිද්ධියට අදාළව සැක කරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ප්‍රහාරයේ මහ මොලකරු ලෙස සැලකෙන මලික් ඉෂාක් නැමැති සැකකරු 2015 වසරේ ජුලි මාසයේදී පකිස්ථාන ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වු බව විදෙස් වාර්තා සඳහන් කර තිබුණී.

(DE සිල්වා)