FAST NEWS

24×7 Around the Globe

මැතිවරණයට අදාළ අමාත්‍යාංශයේ වැඩ කොටස අවසන්..

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සිදුකළ සියලු කටයුතු අවසන් කර ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.

එ අනුව මැතිවරණ පැවැත්වීමට අදාළ සීමා නිර්ණය, එහි සංශෝධන ඇතුළු සියලු කාර්යයන් අවසන් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදී ඇති බවත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය පාර්ලිමේන්තුව විසින් ගනු ලබනු ඇති බවත් පැවසේ.

පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යාංශයට මින් ඉදිරියට චෝදනා කිරීමෙන් ඵලක්‌ නොවන බවත් පාර්ලිමේන්තුවේ තීරණය අනුව මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසමට පැවරෙන බවත් එම අමාත්‍යාංශය වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

(DE සිල්වා)