සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඇප නියම කළේය.
රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප දෙකක් මත ඥානසාර හිමියන් නිදහස් කෙරිණි.
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාකර සාපරාධී බලහත්කිරීමේ යෙදුණැයි කියන සිද්ධියට අදාළව අද(21) සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකය විසින් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගනු ලැබීය.
රටේ කුමන තත්ත්වයක් ඇති වුවත් අධීකරණය ඊට වග නොකියන බවත් පොලිසිය නිසි පරිදි කරුණු වාර්තා නොකිරීම මත ඒ හිමියන්ට ඇප ලබා දෙන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසීය.
+++++++++++++++++++++++(UPDATE)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව අත්අඩංගුවට ගැනේ..
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කර තිබේ.
අධිකරණය මගහැර සිටීමේ චෝදනාවට වරෙන්තු ලබා සිටි උන්වහන්සේ අද (21) නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු පූර්ව ඇප මත නිදහස් කරලීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කර තිබිණි.
ප්‍රකාශකයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ ඒකකට වැඩම කළ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් එම ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකඩදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
උන්වහන්සේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.