FAST NEWS

24×7 Around the Globe

අධිකරණයට බාර වු ඥානසාර හිමියන්ට ඇප..

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව ඒ හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැඳවනු ලැබීය.

ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන අගෝස්තු 10 වැනිදා තෙක් කල් තැබිණි.