FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 8000 සිට 4500 දක්වා අඩු කෙරේ..

නව සීමා නිර්ණයන්ට අනුව මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 දක්වා අඩුකළ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඡන්ද විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ.

මීට පෙර තිබූ මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 8000කි.

මෙම සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.