FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය මාධ්‍ය කිහිපයක ඉහළ තනතුරු වෙනස් වෙයි…

රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක ඉහළ තනතුරු වෙනසක් සිදුව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස සුදර්ශන ගුණවර්ධන මහතා පත්කොට ඇත.

ස්වාධීන රූපවාහිනියේ සභාපති හා ජාතික රූපවාහිනියේ සභාපති තනතුරේ වෙනසක් සිදුව නොමැති නමුත් ස්වාධීන රූපවාහිනීයේ නව ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙස විමල් කැටෙපෙආරච්චි මහතා පත්කොට ඇත.

ස්වාධීන රූපවාහිනියේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙස පත්කොට ඇත.

සැලසිනේ ආයතනයේ නව සභාපති ලෙස ප්‍රවිණ මාධ්‍යවේදී ශාන්ත බණ්ඩාර මහතා පත්කොට ඇත.

ලේක් හවුස් ආයතනයේ නව සභාපති ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා ජුලි 1 දා සිට පත්වීමට නියමිතය.

හිටපු සභාපති කාවන් රත්නායක මහතා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ලෙස පත් කර තිබේ.