FAST NEWS

24×7 Around the Globe

දුෂණ කමීටුවට එරෙහිව උතුරු ඇමති අධිකරණයට..

දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටුව තමා සම්බන්ධයෙන් පදනම් විරහිත සාවධ්‍ය චෝදනා හා කරුණු ඇතුළත් කරමින් වාර්තාව සකස් කර ඇති බවත් මෙම කමිටුවට එරෙහිව   අධිකරණය හමුවේ නඩු පවරන බවත් උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී.අයිංගරනේසන් මහතා සදහන් කළේය.

තමා මෙම අධිකරණ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන්නේ    අමාත්‍යධූරය යලි ලබා ගැනීමේ අරමුණකින් නොවන බවද හෙතෙම කීවේය.

යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අයිංගරනේසන් මහතා මේ බව සදහන් කර සිටියේය.